1

ජුම්ලා CMS එකට ටෙම්ප්ලෙට් ඉන්ස්ටොල් කරන හැටි....

Monday, August 9, 2010
දැන් ඉතින් හා... හා.. පුරාකියලා වැඩට බහිමු....
දැන් ඉතින් කට්ටිය ජූම්ලා ඉන්ස්ටොල් කරගන්නත් දන්නවනෙ...මෙතනින් එහාට ඉතින් බොහොම සරල පාඩම් කිහිපයකින් ජුම්ලා උගන්නල අහවර කරන්න්ටයි මගේ බලාපොරොත්තුව...

එහෙනම් ඉතින් ඔය Xampp එකේ Apachi යි MySql ලුයි start කරගත්තනම්...

හොදයි..

ටෙම්ප්ලෙට් ඉන්ස්ටොල් කරගන්න කලින්...ටෙම්ප්ලෙට් එකක් Download කරගෙන ඉම්මු...
මොකක් හරි සෙවුම් යන්ත්‍රය කට ගිහින් ("Free Joomla Templates") කියල ටයිප් කරන්න
අනන්ත ගනන් ජූම්ලා ටෙම්ප්ලේට් නොමිලේම බාගන්න පුලුවන්...

එහෙමනම්..දැන් Address Bar 1ක් ("http://localhost/joomla/administrator/index.php")Admin Login එකට ගිහින් Log උනානම් හොදයි..!!!

දැන් ඔබෙ Admin Index එක Load වෙලා තියෙනවනෙ..
පහතින් තියෙන රූපයෙ ආකරයට Admin Index එකෙ ඉහලින් තිබෙන Tool Bar එක් Extensions වල Install/uninstall වලට යන්න



ඔබට දැන් Extension Manager වින්ඩොව් එක ලැබී ඇත...මෙහි ඇති Upload Package File කොටසේන් ඔබට නව ටෙම්ප්ලෙට් එකක් ඉන්ස්ටොල් කරගත හැක.

ටෙම්ප්ලෙට් එකක් ඉන්ස්ටොල් කරගැනීමෙන් පසුව යලිත් Extension වෙත ගොස් එහි අති Templates Manager කොටසට යන්න

දැන් ඔබ සිටින්නේ Template Manager කොටස තුලයි...
මෙම කොටසේ පහල ඇති වගුව දෙස බලන්න...එහි කොතැනක හෝ ඔබ Install කරන ලස්ද Joomla Template එක තිබෙනු ඔබට පෙනේනු ඇත...
ඔබෙ Install කරන ලද Template ඉදිරියෙන් ඇති රේඩියෝ බොත්තම සලකුනු කර Template Manager බැනරය ට දකුනු පසින් ඇති කහ පැහැති තරු ලකුන මත ක්ලික් කිරීමෙන් ඔබ Install කරගත් Template එක ඔබගෙ Joomla web Site එකේ ප්‍රදාන Template එක ලෙස තෝරාගත හැක.

හ්ම්....

දැන් ඔබට Template එකකුත් Install කරගන්න පුලුවන් කියල හිතනවා...Modules හාPlugins Install කරන ආකරය හෙට දිනයේ දී බලාපොරොත්තුවන්න.

දෙයියන්ගෙම පිහිටයි.....

ලිවුවේ සනිදුවා...